දේශගුණ විපර්යාසවලට අනුගතවීම සඳහා බස්නාහිර පළාත් අනුවර්තන සැලැස්ම සකස් කිරීම හා බස්නාහිර පළාත සඳහා දේශගුණ විපර්යාස පිළිබඳ ඒකකයක් සකස් කිරීම පිළිබඳ වැඩමුළුව -2022.09.08 හා 09
දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික අනුවර්තන සැලැස්ම (National Adaptation Plan) සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා බස්නාහිර පළාත සඳහා අනුවර්තන සැලස්ම (Provincial Adaptation Plan) සකස් කිරීම, Provincial Climate Units සහ Provincial Climate Cells පිහිටුවීම යන අරමුණු මූලික කරගනිමින් මෙම වැඩමුළුව පැවැත්විණි. මෙම වැඩමුළුව පරිසර අමාත්‍යාංශය, දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය (Climate Change Secretariat), ගෝලීය හරිත වර්ධන ආයතනය හා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයයන ආයතනවල මූලිකත්වයෙන් සහ පළාත් පාලන අමාත්‍යාංශයීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදී.
මේ සඳහා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය, පළාත් අමාත්‍යාංශ හා ඒ යටතේ ඇති සියළු දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන් ද දේශගුණ විපර්යාසවලට වඩාත් ලක්වන අංශවලට අයත් මධ්‍යම රජයේ ආයතනවල නිලධාරීන් ද මේ සඳහා සහභාගීවිය.