පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප) යටතේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන

අදාල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම පළාත් පාලන ආයතන වල කාර්යභාරයයි.

පළාත් පාලන ආයතන විසින් පහත සේවාවන් පළාතේ මහජනතාව වෙත ලබා දෙයි.

  • පරිපාලන හා නියාමන සේවා
  • මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය
  • පාරිසරික ආරක්ෂාව
  • පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යාම.

1987 දී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා පිහිටුවීමත් සමඟ පළාත් පාලන ආයතන වල නියාමන හා අධීක්ෂණ කටයුතු පළාත් සභාව මඟින් සිදුවිය.

මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල පරිපාලන කටයුතු සිදුවන්නේ පහත දැක්වෙන පනත් අනූවය

ඒ අනූව ප්‍රාදේශීය සංවර්ධනයේ වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බස්නාහිර පළාත් සභාව තුළ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන පහත පරිදි වේ.