අපි

කාර්යක්ෂම, ඵලදායී හා යහ පාලනයෙන් යුත් ප්‍රජා අවශ්‍යතා ඉලක්ක කරගත් ආයතන පද්ධතියකි.

අපේ දැක්ම

බස්නාහිර පළාත් තිරසර සංවර්ධනයේ පෙරගමන්කරු

ඒ වෙනුවෙන් අපේ මෙහෙවර

නිපුණ හා සුහදශීලී මානව සම්පතක් තුළින් ප්‍රසාදාත්මක ජනතා සේවයක් සැලසීම

අපගේ අරමුණු

  • ජාතික හා පළාත් දැක්මට අනුගත වෙමින් අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතන සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා උපදෙස් ලබාදීම.
  • අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ හා ආයතන වල කාර්ය මණ්ඩලයේ සේවා කොන්දේසි ඉටුකිරීම.
  • වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය, සම්බන්ධීකරණය හා ප්‍රගති සමාලෝචනය හා පසුවිපරම් කිරීම.
  • විවිධ මූලාශ්‍ර ඔස්සේ පළාතේ මහ ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා විමර්ශන වාර්තා ලබා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  • පළාතේ තිරසාර සංවර්ධනයක් උදෙසා ආයතන මට්ටමෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

අපගේ කාර්යයන්

  • අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ ආයතන කටයුතු පවත්වාගෙන යාම.
  • අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතනවල විසර්ජන ගිණුම් අත්තිකාරම් ගිණුම් විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම හා ගිණුම් කටයුතු පිළිබඳ උපදෙස් ලබා දී මූල්‍ය පරිපාලනය සිදුකිරීම.
  • අමාත්‍යාංශය යටතේ පවත්නා ආයතනවල ගැටළු විමර්ශනය කර ඒවා විසඳීමට අදාල පැහැදිලි කිරීම ලබා දීම.
  • සියළු විෂයන්ට අදාලව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම, අනුමැතිය, අධීක්ෂණය හා ප්‍රගති සමාලෝචනය.
  • ආයතනික ප්‍රතිඵල රාමුව සැකසීම, යාවත්කාලීන කිරීම හා මෙහෙයුම් ඇගයුම් කටයුතු
  • වාර්ෂික මූලධන ඇස්තමේන්තු සැකසීම
  • සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති හඳුනා ගැනීම, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • ISO තත්ත්ව කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
  • අමාත්‍යාංශ අරමුණු ඉටුකරගැනීම සඳහා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථාපිත ආයතන මෙහෙයවීම, මූල්‍ය, තාක්ෂණික, නෛතික හා අනෙකුත් සේවා ලබා දීම.