බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට අපද්‍රව්‍ය එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහන විධිමත් ලෙස ස්ථාපිත කිරීම

බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ නියාමන වැඩසටහන මීට ඉහතදී ක්‍රියාත්මක වුවද මෙය වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට අදාලව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා සිදු විය​.

ස්ථානය – පළාත් පාලන අමාත්‍යාංශයීය රැස්වීම් ශාලා අංක II​

දිනය – 2022.01.01

ගිවිසුම අත්සන් කිරීම –  ලේකම්, පළාත් පාලන හා සංචාරක අමාත්‍යාංශය (බ.ප) හා සභාපති, ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා ආයතනය

ඡායාරූප පිළිබඳ විස්තරය – අදාල පාර්ශව විසින් ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව