බස්නාහිර පළාත් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ රාජ්‍ය පෞද්ගලික සහභාගීත්වය

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මත බස්නාහිර පළාත්, පළාත් පාලන , පරිසර හා සංචාරක කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය ආයතනවල ද සහභාගීත්වයෙන් Clean Ocean Force Lanka ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව මාසිකව දීමනාවක් ගෙවීමේ පදනම මත ස්වේච්ඡා සේවකයන් යොදවා බස්නාහිර පළාතේ තෝරා ගත් වෙරළ තීර හා ඇළ මාර්ග දෛනිකව පිරිසිදු කිරීමේ නියාමන ව්‍යාපෘතිය වසර 2කට ආසන්න කාලයක් සාර්ථකව සිදු කරනු ලබයි.

කාක දූපතෙහි ක්‍රියාත්මක වන එම වැඩසටහන සඳහා Coca – Cola Beverages Sri Lanka Ltd ආයතනය අනුග්‍රාහකත්වය දැක්වීමේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් ශ්‍රමදානයක් පසුගියදා පැවැත්වීය.

ස්ථානය – කොළඹ කාක දූපත වෙරළ උද්‍යානය – මට්ටක්කුලිය

දිනය- 2022.03.04

පාර්ශවකාර ආයතන –

පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප)

ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා ආයතනය

කොකා කෝලා බේවරේජ් ශ්‍රී ලංකා ආයතනය