විශ්‍රාම නිවාඩු

රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැනීම

  1. විශ්‍රාම යාමට නියමිත නිලධරයා තම පෞද්ගලික ලිපිගොනුවේ අඩුපාඩු ඇති දැයි පෞද්ගලික ලිපි ගොනු භාර නිලධාරී වෙතින් විමසා දැන ගත යුතුය.
  2. විශ්‍රාම යාමේ අනුමැතිය ලබා ගැනීමට විශ්‍රාම යාමේ අයදුම්පත සම්පූර්ණ කර අදාල පිටපත් 03 කින් යුතුව තම අයදුම්පත භාර දිය යුතුය.
  3. විශ්‍රාම ගැනීමට මාස 03 ට පෙර විශ්‍රාම වැටුප් අංකයක් ලබා ගැනීම සඳහා වන “අ” ආකෘතියේ i කොටස පිටපත් 06 කින් යුතුව සම්පූර්ණ කර එක් පිටපතක් පෞද්ගලිකවම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු වන අතර, ඉතිරි පිටපත් 05 ආයතන ප්‍රධානියාට භාර දිය යුතුය.

ආයතන ප්‍රධානියා “අ” ආකෘතියේ ii කොටස සකස් කර (පාරිතෝෂිකය ගණනය කර) අ හි i කොටස ද සමඟ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යවනවා ඇත.

  • විශ්‍රාම වැටුප් අංකය හා පාරිතෝෂික මුදල ලද පසු මාසික විශ්‍රාම වැටුප සකස් කිරීම සඳහා අදාල ලියවිලි සමඟ විශ්‍රාම වැටුප් ගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු වනවාත් මෙන් ම අදාල අඩු කිරීම් කර පාරිතෝෂිකය විශ්‍රාමිකයාට ගෙවිය යුතුය.

විශ්‍රාම වැටුප් සඳහා පහත සඳහන් සුඳුසුකම් සපුරා තිබිය යුතුය.

  • ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් විය යුතුය.
  • තනතුරේ ස්ථිර කර තිබිය යුතුය.
  • සේවා කාලය අවම වසර 10 ක් වත් විය යුතුය.