නැවත සේවය පිහිටුවීම

රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවන ලෙස කරනු ලබන අභියාචනය (අදාළ නිලධාරියාගේ) තම ආයතන ප්‍රධානියාගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සමඟ බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.එකී අභියාචනය පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප.) වෙත යොමු කරන අතර ඉන්පසු එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව(බ.ප.) වෙත යවනු ලැබේ.

නැවත සේවයේ පිහිටුවීමේ ඉල්ලිම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
  1. අදාළ අභියාචනය
  2. ආයතන ප්‍රධානියා‍ගේ නිර්දේශ සහිත පොදු ආකෘති පත්‍රය – බාගත කරගන්න
  3. තනතුර හැර යාමේ නිවේදනය
  4. මුල් පත්විම් ලිපිය