Clean Sri Lanka බස්නාහිර පළාත් සමාරම්භක වැඩසටහන – 2025.02.03 දින මාලඹේ බස්නැවතුම්පොළ පවිත්‍ර කිරීමේ වැඩසටහන
පාරිසරික, සමාජයීය හා ආචාරධර්මීය ප්‍රවේශයන් ඔස්සේ පුළුල් පරිවර්තන ක්‍රියාවලියක් හරහා දියුණු සමාජයක් බිහි කිරීමේ අපේක්ෂාව පෙර දැරිව 2025 ජනවාරි 01 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් Clean Sri Lanka වැඩසටහන ආරම්භ කරන ලදී. ඒ අනුව ඊට සමගාමීව බස්නාහිර පළාත තුළ Clean Sri Lanka පවිත්‍ර කිරීමේ සතියක් 2025.02.03 දින සිට 2025.02.09 දින දක්වා පැවැත්වීමට බස්නාහිර පළාතේ පළාත් පාලන අමාත්‍යංශ්‍යයේ මූලිකත්වයෙන් කටයුතු සංවිධානය කරන ලදී. එහිදී බස්නැවතුම් පොලවල් හා පොදු වැසිකිලි පවිත්‍ර කිරීම, මහජන උද්‍යාන, පොදු ක්‍රීඩාංගන, පොදු ස්ථාන අලංකරණය හා පවිත්‍ර කිරීම, පළාත් පාලන ආයතන සතු පොදු වෙළඳ සංකීරණ නඩත්තු කිරීම, මාර්ග දෙපස පවතින අනතුරුදායක ගස් අතු කපා ඉවත් කිරීම හා දෙපස තණකොළ කැපීම , අනවසර බැනර් ඉවත් කිරීම ආදී වැඩසටහන් සිදු කෙරේ.
එහි මූලාරම්භක වැඩසටහන ලෙස මාළඹේ බස් නැවතුම්පොළ පවිත්‍ර කිරීමේ වැඩසටහන 2025.02.03 දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් සහ අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. මෙම වැඩසටහන බස්නාහිර පළාතේ පළාත් පාලන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව කඩුවෙල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා බස්නාහිර පළාතේ සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය (කොළඹ), අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පළාත් මාර්ග අමාත්‍යංශය, පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන සහ ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාව සහයෝගය දක්වන ලදී.