පළාත් පාලන අමාත්‍යාංශයීය වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති 2020 ජුලි මස 01 වන දා සිට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පළාත් පාලන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙරළ පවිත්‍රව තබා ගැනීම හා සාගරයට අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීමේ අරමුණින් Clean Ocean Force Lanka සමාගමේ මූල්‍ය අනුග්‍රහය යටතේ 2020 ජුලි මස 01 වන දා සිට කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ ආශ්‍රිත ස්ථාන 03කත්, ගම්පහ දිස්ත්‍රික්කයේ එක් වෙරළ ස්ථානයකත් පිරිසිදු කිරීම් සේවකයන් යොදවා දෛනිකව වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම වන්නේ 2020/07/01 දින සිට දෛනිකව මේ දක්වා මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා උපරිම දායකත්වයක් ලබා දීමයි. ඒ අනූව මෙහි එකතු වන අපද්‍රව්‍ය වලින් දිරාපත් වන ඇතැම් අපද්‍රව්‍ය වෙරළ තුලම දිරාපත් වීමට කටයුතු කරන අතර දිරාපත් නොවන අපද්‍රව්‍ය පළාත් පාලන ආයතන වලට ප්‍රතිචක්‍රීකරණය සඳහා භාරදෙයි.

ඡායාරූප පිළිබඳ විස්තර – වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ අවස්ථා